(ඩී.ජී.සුගතපාල)
බඹරවාන රක්ෂිතයෙන් නිති විරෝධි ලෙස කපා අලෙවි කිරිමට සූදානම්කර තිබු වෙනිවැල් ගැට කිලෝ 800ක් සැකකරුවන් දෙදෙනෙකුද සමග කොග්ගල ගුවන්හමුදා කඳවුරේ බුද්ධි නිලධාරින්ගේ තොරතුරකට අනුව රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්තක මාරක්ගොඩ පදිංචි 24හැවිරිදි සහ තල්ගස්වල මානම්පිට පදිංචි 21හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.
මෙම වෙනිවැල් ගැට තොගය කැබලි වලට කපා පොහොර උරවල අසුරා තිබු අතර අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරුවන් දෙදෙනා සහ වෙනිවැල් ගැට තොගය පිටිගල පොලිසියට බාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd