(මතුගම බන්දු තඹවිට)
රිටක් ආධාරයෙන් කොස් ගෙඩියක් කැඩීමට ගිය දෙදරු පියෙක් එම කොස්ගෙඩිය පපුවට වැටීමෙන් සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි.
වැලිපැන්න , කෝපිවත්ත, රන්මුතු උයනේ පදිංචි වඩුකාර්මිකයෙකු වන හර්බට් ගාමිණී ලෙනෝරා නමැති 68 හැවිරිදි දෙදරු පියෙක් මෙසේ මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.
මේ දිනවල පවතින සංචරණ සීමා නිසා රැකියාවට යාමට නොහැකිවීම නිසා නිවසේ ගතකරන අතරතුර ආහාරයට කොස් ගෙඩියක් කැඩීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd