(විජේරත්න රත්නායක)
හාලිඇල ස්ප්‍රිංවැලි වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මාර්තු මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉකුත් 21 වැනිදා එම වතුයායේ පිහිටි බ්ලැක්පූල් නම් ස්ථානයේ දියනෑමට ගොස් ඒ ආසන්නයේ බීමතින් සිටි බව කියන පුද්ගලයන් කීපදෙනෙක් එම ස්ථායෙන් ගිය වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට පහරදීමක් සම්බන්ධයෙන් වතුයායේ සමස්ථ සේවක පිරිස වැඩවර්ජනයක් හා උද්ඝෝෂණයක්ද සිදුකළ අතර ඔවුන් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව හාලිඇල පොලීසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
බදුල්ල රොක්හිල් සහ වීරියපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම පිණිස මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතය.
සිද්ධිය පිළිබඳව හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 නොවැම්බර් මස 17
11
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
860
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්ප්‍රිංවැලි වතු අධිකාරිවරයාට පහරදුන් තිදෙනෙක් රිමාන්ඩ්