( ඩී.ජී.සුගතපාල)
විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසා අන්තර් ජාලයේ දැන්විම් පලකර මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් හබරාදුව ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව අඟුලුගහ පොල්හේන පදිංචි 22 හැවිරිදි වෙබ් අඩවි නිර්මාණකරුවෙකි.
සැකකරු වයි.ෆයි.රවුටර් ලබාදෙන බව පවසා ඔහුගේ වෙබ් අඩවියේ දැන්විම් පලකර රුපියල් 14,280ක් වංචා කිරිම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙනඇත.
අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු ගාල්ල පොලිසියට බාරදි ඇති අතර සැකකරු අද (19) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.