IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බොරලැස්ගමුවේදී පිහි ඇනුමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව පෙරහර වත්ත ජයන්ති පෙදෙස ප්‍රදේශයේදී මිතුරන් තිදෙනෙකු අතර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අද (30) ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පෙරහර වත්ත ජයන්ති පෙදෙස පදිංචිව සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු වූ ජනක සුසන්ත පෙරේරා නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පෙරහර කහටගහවත්ත පදිංචි 62 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු ඝාතනයට යොදා ගත් උල් පිහියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාට අත්අඩංගුවට ගත් සැකකරු මත්කුඩු පැකට්ටුවක් රැගෙන ඒම සඳහා රුපියල් 1100 ලබා දී තිබූ බවත් පැය කිහිපයක් ගත වුවත් මත්කුඩු පැකට්ටුව මියගිය පුද්ගලයා රැගෙන නොඒම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සැකකරු මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත් පොලිසිය කියයි.

පසුව ලබාදුන් මුදල් ආපසු ලබා දෙන ලෙස සැකකරු මියගිය පුද්ගලයාගෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

එහිදී දෙදෙනා අතර  බහින් බස්වීමක් සිදු වී මියගිය අය අත දරාගෙන සිටි පොල් උලකින් සැකකරුට පහරක් එල්ල කිරීමත් සමඟ ඉනෙහි සඟවා ගෙන සිටි උල් පිහියකින් සැකකරු මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට එකවරම ඇන ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

බොරලැස්ගමුවේදී පිහි ඇනුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site