( පැතුම් දර්ශන)

කැබිතිගොල්ලෑව ඊතල්විද්දවැව ග්‍රාමනිලධාරී වසමේ ජනතාව අද(03) දහවල් අනුරාධපුර- පදවිය මාර්ගය  අවහිර කරමින් සමාධීගම ප්‍රජාශාලාව අසලදී උද්ගෝෂණයක නිරත වුහ.

මෙම උද්ගොගෝෂනය සදහා රඹකැපූවැව,ගලවැව,සමාධිගම,මහනැටියාව,මීගහවැව,ඊතල්විද්දවැව, පුලියන්කුලම යන ප්‍රදේශවල ජනතාව සහභාගි වී සිටි අතර උද්ගෝෂණය ආරම්භ කොට සුළු මොහොතකදි අනුරාධපුර පදවිය මාර්ගයද අවහිර කොට  වාහන ගමන් කල නොහැකි පරිදි බිම වාඩීවී ඔවුහු  උද්ඝෝෂණය කලහ.

ගම්වදින වල් අලි තම භවභෝග කා දමා නිවාස විනාශ කර සිදු කරන හානිය පිලිබදව බලධාරින් කොතෙක් දැනුවත් කළද  පලක් නැති බවත් වහා ඊට විසඳුම් ලබාදෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙසේ විරෝධතාවේ නියැලුණහ.