IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ළමා නිවාසයේ දැරියක අපයෝජනය කළ කළමනාකරු රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
අධිකරණ නියෝගයක් මත හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි  බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ළමා නිවාසයේ පාලක කළමනාකරු ලබන 20වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (18) නියෝග කළාය.
 
මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ දොන් විතාරණගේ නන්ද දයානාථ නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
 
මවගේ දෙවන විවාහයේ සැමියාගෙන් අපයෝජනය වූ බව කියන සිදුවීමක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත 15 හැවිරිදි දැරිය මෙම ළමා නිවාසයේ රඳවා තිබිණි. ඇයගේ මිත්තණිය ඇය බැලීමට ළමා නිවාසයට  ගිය අවස්ථාවේ දැරිය පවසා ඇත්තේ පාලකවරයා අවස්ථා කිහිපයකදී තමා අපයෝජනය කළ බවය.
 
මිත්තණිය පරිවාස නිලධාරීන්ට සිද්ධිය පැවසීමෙන් පසු ඔවුන් ජාතික ළමා රක්ෂක අධිකාරියට දන්වා තිබේ. ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හබරාදුව පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන  ඇත.

හබරාදුව පොලිසියේ සැරයන්වරුන්වන විමල්(32012) පියසිරි(24439) යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
 



අදහස් (1)

ළමා නිවාසයේ දැරියක අපයෝජනය කළ කළමනාකරු රිමාන්ඩ්

දිමුත් Monday, 18 November 2019 10:27 AM

ඔය වැනි ස්ථානවල සේවයට බඳවා ගැනීමට පෙර මේ මිනිසුන්ගෙ චරිතය සොයාබැලීමක් කරන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14524 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site