
(නිමන්ති රණසිංහ)
නිවසේ දොර ජනේල් වසා තබමින් ජංගම දුරකතනයෙන් ගැනුම්කරුවන් ගෙන්වාගෙන හෙරොයින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඌරුගස්මංහන්දිය තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හොරොයින් ඡාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් එක්ලක්ෂ දහ අට දහසක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 460ක් ද සැකකරුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50ත් 34ත් අතර පසුවන දෙහිවල සහ තුඩුව හබුරුගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද එම බලකාය සහදහන් කරයි.
ඡාවාරම්කරුවන් සිය නිවසේ දොර ජනේල් වසා තබමින් මෙම ඡාවාරම සිදුකර ඇත්තේ පොලිසීයෙන් වැටලීමක් සිදුකළ හොත් ඔවුන් සතුව ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ක්ෂණීකව නිවසේ සකස් කර ඇති නවීන පන්නයේ වැසිකිලි පෝච්චියක් තුළට වැටෙන පරිද්දෙන් බවට සිදුකළ සෝදිසියේදී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් අලුත්ගම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ. ඩී. ඩබ්. එස්. ජයකොඩි ඇතු`ථ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සදහා ඌරුගස්මංහන්දිය පොලීසියට භාරදී ඇත.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ