IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හංවැල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

 
( කේ බුද්ධික කුමාරසිරි )
 
හංවැල්ල ජල්තර හේන්පිට පාර ප‍්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් හය දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසක් නිවසේ දොර ජනෙල් සහ ගෘහ භාණ්ඩ කඩා නිවසේ එක් කාමරයකට ගිනි තබා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි
 
මෙම සිද්ධිය වූ අවස්ථාවේදී අදාල නිවස හිමි ව්‍යාපාරිකයා නිවසේ සිට නොමැති අතර නිවසට පහරදීමට පැමිණි පිරිස නිවස ඉදිරිපස ජනෙල් සහ විශාල මාළු ටැංකියකට පහරදී නිවසේ දොරගුළු කඩා නිවස තුලට ඇතුල් වී එහි තිබූ ගෘහ භාණ්ඩ හා විදුලි උපකරන රැසකට පහරදී විනාශ කර ඇති බවත් එක් කාමරයක් ගිනි තබා ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙම පහරදීම කප්පම් මුදලක් ලබා නොදීම නිසාවෙන් හෝ අදාල වැලි ව්‍යාපාරිකයාට අයත් ස්ථානයකදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමක් බවට සැක කරන බවද හංවැල්ල පොලිසිය පවසයි
 
අදාල පහරදීම දින තුනකට ඉහතදී අදාල නිවස හිමි වැලි ව්‍යාපාරිකයා හමු වීමට සම්පූර්ණ හිස් ආවරණ පැළදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන ලෙස පවසා දුරකථනයක් ලබා දී ඇති බවත් එහිදී එම ව්‍යාපාරිකයා විසින් පිළිතුරු ලබා දී ම මග හැර ඇති බවත් කියති.
 
නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙහෙයුම් පද්ධතියට ගින්නෙන් හානි වී ඇති බවත් එහි ඇති කැමරා දර්ශන ලබා ගැනීමට කටයුතු කරන බවත් හංවැල්ල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර  හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි
 



අදහස් (1)

හංවැල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

rocky Sunday, 06 May 2018 08:22 AM

වැලි ව්‍යාපාරිකයන්ට මේ විදිහට වත් දඬුවම් ලැබෙනවා නම් සන්තෝසයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site