IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හවුන්ස්ලෝ ජනහඬ නව මහකොමසාරිස් හමුවක්

හවුන්ස්ලෝ ජනහඬ සංවිධානයේ සභාපති ශ්‍රිලාල් ඩයස් ඇතුළු නියෝජිතයෝ පිරිසක්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්  අමාරි විජේවර්ධන මහත්මිය හමු වුහ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පෝර්ට්කොලිස් මන්දිරයේ පැවැත්වු මෙම හමුව සඳහා පහසුකම් සපයනු ලැබුවේ හවුන්ස්ලෝ ෆෙල්තම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සීමා මල්හෝත්‍රා මහත්මිය විසිනි.

හවුන්ස්ලෝ ජනහඬ සංවිධාන මඟින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන සමාජ සත්කාරක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදීමත් නව මහ කොමසාරිස්වරිය හට සීමා මල්හෝත්‍රා මන්ත්‍රීවරිය හඳුන්වාදීම මෙම හමුවේ මූලික අරමුණ විය. දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතා ගොඩනගා ගැනීම හා එංගලන්තයේ ශ්‍රි ලාංකික ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කැරිණි.

ශ්‍රි ලංකා මහා කොමසාරිස් කාර්යලයෙන් පැමිණි දුත පිරිස අතරට නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීස්වර ගුණරත්න සහ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ   මහජන කටයුතු සම්බන්ධ අමාත්‍ය කේ. කේ යොගනාදන් ඇතුළත් වුහ. මෙහිදී ඉතා සුහදව අදහස් හුවමාරු කරගත් දෙපිරිස නැවත නුදුරු අනාගතයේදී මුණ ගෑසීමට ද තීරණය කරගත්හ.

IMG_2521[1] IMG_2536[1] IMG_2550[1]



අදහස් (0)

හවුන්ස්ලෝ ජනහඬ නව මහකොමසාරිස් හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site