(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
හලාවත නගර සභා සෞඛ්‍ය අංශයේ රියැදුරකුට පහරදීමක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට නොගැනීම නිසා එම අංශයේ සියදුම සේවක සේවිකාවෝ අද(15) පෙරවරුවේ සිට වැඩ වැරූහ.
හලාවත වැල්ල කසල අංගනයට කසල තොගයක් ගෙන යමින් සිටි ට‍්‍රැක්ටර් රියැදුරකුට ඉකුත් සෙනසුරා දා (13) දහවල් වැල්ල ප‍්‍රදේශයේ දී ධීවර සංගම් සභාපතිවරයකු බව කියන අයකු විසින් පහර දි ඇති බවට හලාවත පොලිසියට පැමිණිලි කර තිබු අතර පහර කෑ රියැදුරා ප‍්‍රතිකාර පිණිස රෝහලේ නතර වි සිටී.
විවිධ බලපෑම් කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කරන නමුත් කිසිවකු සැකකරු අත් අඩංගුවට ගැනිමට උනන්දු නොවිම කණගාටුදායක බව එම සේවකයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් නගර සභා ලේකම් ඒ.ඒ. ජයසිරි මහතා කියා සිටියේ මෙම පහරදීම හෙළා දැකිමට සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අසාධාරණ නොවන නමුත් තමන්ට ද බලපෑම් ඇති කරමින් මෙම සිද්ධිය යටපත් කිරිමට ඇතැමුන් තැත් කිරිම කණගාටුවට කරුණක් බවයි.
හලාවත මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා කියා සිටියේ සැකකරු අතුරුදහන්ව ඇති නමුත් ඔහු කඩිනමින් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.


2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවත නගර සභා සෞඛ්‍ය සේවකයෝ වැඩවරති