IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හලාවත ජල යෝජනා ක්‍රමය අසළ පුද්ගල මළ සිරුරක්

(ඔගස්ටින්  ප්‍රනාන්දු) 

හලාවත මුන්නේශ්වරම හලාවත ජල යෝජනා ක්‍රමය අසළ මහ මග තිබි  මළ සිරුරක්  අද (6 ) උදෑසන හමුවු බව හලාවත පොලිසිය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංකය  උදේ ලැබුණු  දුරකතන පණිවුඩයක් අනුව පොලිස්  නිලධාරින් පිරිස හලාවත කුරුණෑගල මාර්ගයේ සිද්ධිය වු ස්ථානය වෙත ගිය අවස්ථාවේ දි මාර්ගයේ සිරුර හමු වු බව කියයි.
 
මිය අය තම පුතුවන වර්ණකුලසුරිය සුරංග සාගර ජයසිංහ ලෙස  ඔහුගේ පියා  වන මුගුණුවටවන වැ‍ටියකැලේ ශාන්තිගම පදිංචි ඩබ්ලිව් .එම්මානුවෙල් ජයසිංහ  මහතා විසින් හදුනාගෙන ඇති බවත් පොලිසිය කියයි.
 
ඉතාලියේ  රැකියාවක  නිරතව  මෑතකදී  ශ්‍රී ලංකාවට  පැමිණි මිය ගිය අය මෙසේ මෙම ස්ථානයේ මිය ගොස් ලේ විලක වැටි සිටිම අභිරහසක් වන අතර අද ( 6 දා ) අලුයම කිසියම් වාහනයක ගැටි සිදුවු අනතුරකින් හෝ කිසිවකු පහර දි මෙම මරණය සිදු කර ඇති බවට සැක කරණ බවත් පොලිසිය කියයි. මිය ගිය අය ඊයේ ( 5 ) රාත්‍රි අවමගුල් නිවසකට ගොස් අද ( 6 දා ) අලුයම  හලාවත නගරය බලා එන අතර මෙලෙස මරණයට පත්ව ඇති බවත් කියයි.
 
 මේ වන විට මෘත ශරීරය හලාවත දිස්ත්‍රික් සමහ රෝහල කරා ගෙනැවිත් ඇති අතර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිමෙන් පසු මෙම මරණයට හේතු අනාවරණය කර ගත හැකි බවත් මිය ගිය අයගේ සිරුරේ ඇති තුවාල අනුව මෙම මරණය අබිරහසක් වන බවත් පොලිසිය කියයි. හාලවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

 



අදහස් (0)

හලාවත ජල යෝජනා ක්‍රමය අසළ පුද්ගල මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 838 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site