(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම දිවුලපිටිය මාර්ගයේ හල්පේ ගුරුල්ලගම පුදේශයේ පාළු ළිඳක තිබී අද (12) කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හල්පේ පදිංචිව සිටි එච්.පි. සුමනා පතිරණ නැමති 72 හැවිරිදි එක් දරු මවක බවට පොලිසිය හඳුනාගෙන ඇත.
මිය ගිය කාන්තාව පලා වර්ග එකතු කර කොළඹ මරදාන ප්‍රදේශයට ගෙන ගොස් විකිණීමේ යෙදුණු කාන්තාවක බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඇය ඊයේ (11) සවස පලා වර්ග එකතු කිරීමට ගිය අවස්ථාවේ අනාරක්ෂිත ළිඳට වැටුණා ද නැතහොත් කිසියම් අපරාධයකට ලක් වීමෙන් පසු වූ ළිඳට දමා ඇත්දැයි හෙළි කිරිමට පරීක්ෂණ පවත්වයි.
ගම්පහ පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා දේහය ගොඩ ගැනීමට පොලිසිය අද කටයුතු කළේය.
පලා එකතු කිරීමෙන් පසු සවස් කාලයේ නිවසට එන කාන්තාව ඊයේ (11) සවස නිවෙසට නොපැමිණි නිසා ඥාතීන් හා හිතවතුන් හිතවතුන් ඇය පිළිබඳව සොයා බලා ඇති අතර අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හල්පේ පාළු ළිඳකින් කාන්තාවකගේ මළ සිරුරුක් සොයා ගනී