(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය.
අයවැයට පක්ෂව හා විපක්ෂව ඡන්ද හත බැගින් ලැබීම නිසා සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සභා සම්මත විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාලන බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
අයවැයට පක්ෂව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කළහ.
අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු හා ස්වාධීන මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශ කළහ .එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු , ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ඡන්දය දෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.
2020 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 58985357.23 ක් වේ . රුපියල් 55861608.64 ක් වියදම් කිරීමට අපේක්ෂා කරන අතර රුපියල් 3123748.59 ක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ .
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හල්දුම්මුල්ල ප්‍රා.සභාවේ 2020 අයවැය තීරක ඡන්දයෙන් සම්මත වෙයි