(ජුඩ් සමන්ත)
ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ජාතික පාසල් සඳහා පාසල් කාර්ය සහායක තනතුරු සඳහා කර ඇති පත්වීම් කීපයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා යවා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන සහකාර සැළසුම් අධ්‍යක්ෂකවරයකුගේ නිල මුද්‍රාව සහ අත්සන ද මෙම පත්වීම් ලිපි සඳහා යොදා තිබී ඇත.
පුත්තලම අධ්‍යාපන කලාපය තුළ පිහිටි ජාතික පාසල් සඳහා මෙම ව්‍යාජ පත්වීම් පසුගිය කාලය තුළ 6 ක් ලැබී ඇත. එසේ ව්‍යාජ පත්වීම් ලබා ඇති පාසල් කාර්ය සහායකයින් දෙදෙනෙකු පුත්තලම ආනන්ද ජාතික පාසල තුළ මාස 06 කාලයක් සේවය කර ඇති අතර,එම කාලයේදී ඔවුන් නියමිත පරිදි වැටුප්ද ලබා ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සොයා බලන විට එම ලිපි ශීර්ෂ, නිල මුද්‍රව සහ යොදා තිබූ අත්සන ද ව්‍යාජ බවට සනාථ වී ඇත. ඒ සමගම එකී සේවකයින් දෙදෙනා අතුරුදන්වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කරන කිසියම් පත් වීමක් පාසලට ලැබුණහොත් ඔවුන්ව කලාප කාර්යාලය වෙත යොමු කරන ලෙස පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රදේශයේ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ට දැණුම් දී ඇත.
ඉන් පසුවද මේ ආකාරයටම ව්‍යාජ ලිපි ශීර්ෂ යටතේ පත්වීම් ලබා ගත් බව කියන සිව් දෙනෙකු සේවය සදහා පුත්තලම කලාප කාර්යාලයට වාර්තා කර ඇත.
නමුත් ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අවසර ලබා දී නොමැති කලාප කාර්යාලයේ නිලධාරීන් එම පත්වීම් ලිපි සහ ඒවා රැගෙන ආ පුද්ගලයින්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කර ඇත.
ගෙවී ගිය මාස 02 ක කාලය තුළ සිංහල මාධ්‍ය ජාතික පාසල් සඳහා එක් අයෙකු සහ දමිල මාධ්‍ය පාසල් සඳහා තිදෙනෙකු පාසල් කාර්ය සහායක තනතුරු සඳහා වන ව්‍යාජ පත්වීම් ලිපි රැගෙන පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණ ඇති බව අප කළ විමසුමකදී එම කාර්යාලයේ නිලධාරීනියක පැවසුවාය.
කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් මේ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ,නිල මුද්‍ර සහ අත්සන් යොදා ගනිමින් පත්වීම් ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බවට සැකකරන බැවින් ඒ සම්බන්ධයෙන් අදාල නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සදහා අවශ්‍ය තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවද එම නිලධාරීනිය කියා සිටියාය.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2395
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර පත්වීම් ගැන සොයන්න’යි පුත්තලම අධ්‍යාපන කාර්යාලය කියයි