IMG-LOGO

හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විහාර හල්මිල්ලකුලමේ අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවකු සමග එක්වී පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරත වු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද (03) සමත් වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබු විහාර හල්මිල්ලකුලමේ පදිංචි ජාවාරම්කරු 29 වන වියේ පසුවන අතර අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු 23 හැවිරිදි අයෙකි.

අත් අඩංගුවට පත්වනවිට අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 310 ක් ද හල්මිල්ලකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ ග්‍රැම් 04 මිලි ග්‍රෑම් 490 ක ප්‍රමාණයක් ද ඔවුන් සන්තකයේ තිබු බව  පොලීසිය කියයි.

 මීට මාසයකට පමණ පෙර විහාර හල්මිල්ලකුලමේ පදිංචි සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුට තම නිවසේ නවාතැන් සපයා හල්මිල්ලකුලම නිවස විද්‍යුත් ක්‍රමයට හෙරොයින් බෙදාහරින මධ්‍යස්ථානය බවට පත්කරගෙන මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන ගොස් තිබේ.

නිතර නිතර මත්ලෝලීන් මෙම නිවසට යාම ඒම නිසා මොවුන් දෙදෙනා විසින් පොතානේගම යුද හමුදා කඳවුර ඉදිරිපිට නිවසක් කුලී පදනම මත ලබාගෙන විද්‍ය්‍යුයු ක්‍රමයට තිසාවැව , පොතානේගම , විහාර හල්මිල්ලකුලම ආදී ප්‍රදේශවල හෙරොයින් අළෙවියේ නිරතව සිට ඇති බවට සාක්කි ලැබී ඇතැයි පොලිසීය කියයි. 

හෙරොයින් බෙදාහැරීම සඳහා මොවුන් යෝගට් කෝප්ප හා සිසිල්බීම බෝතල් මූඩි භාවිතා කර තිබූ බව පොලීසිය පවසයි. ජාවාරම මෙසේ සිදුකරගෙන යන අතරතුර ප්‍රදේශවාසීන්ට මොවුන් දෙදෙනා පිළිබඳව ඇතිවූ සැකය නිසා පොතානේගම කුලී නිවස අතහැර නැවත විහාර හල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයිද පොලිසිය කීය.

 

 



අදහස් (0)

හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site