(වසන්ත චන්ද්‍රපාල)
පොලිස් විශේෂ කාර්ය බළකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් ඔලුවිල් ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔලුවිල් නාවික හමුදාවේ බුද්ධි අංශ නිළධාරින් ගෙන් ලද තොරතුරක් අනුව මාර්ග බාධක යොදා මෙම මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සතුව හොරොයින් තිබුණු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් ස්මයිල් ඉල්ලියාස් නැමැති සැකකරු අට්ඨාලචේන පදිංචිකරුවෙකු වන අතර, මොහොමඩ් රියාස් නැමැති අනෙක් සැකකරු පාලමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අක්කරපත්තුව පොලිසයට බාරදී ඇති අතර අක්කරපත්තුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට