(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉකුත් පැය 24 දී කොවිඩ් ආසාධිතයන් 52 දෙනකු හමුව ඇතැයි ද ඉන් දෙදෙනකු මිය ගිය බවද සෞඛ්‍ය අංශ පවසයි.
වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ටාශයෙන් ආසාධිතයන් 17 දෙනකු සමඟ බෙලිඅත්තෙන් 04ක් ද වීරකැටියෙන් 06ක් ද ,හුංගමින් 01ක් ද ,කටුවනින් 03ක් ද ,සූරියවැව ප්‍රදේශයෙන් 09ක් ද ,තිස්සමහාරාමය ආශ්‍රිතව 12ක් ද මෙම කොවිඩ් ආසාධිතයන් හමුව තිබේ. මෙම ආසාධිතයින් අතර තිස්සමහාරාම ,කිරින්ද පොලීසියේ නිළධාරියකුද වෙන බව සෞඛ්‍ය අංශ කියයි.
තිස්සමහාරාමයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් අතුරෙන් දෙදෙනකු මිය ගොස් තිබේ. තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි 90 වැනි වියේ පසු වූ අයෙකුද රබර්වත්ත ප්‍රදේශයේ පදිංව සිටි 63 වැනි වියේ පසු වූ අයෙකුමෙලෙස මිය ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
අපේ සෞඛ්‍ය සහ මානව සම්පත සීමා සහිතයි. අලුතින් කොවිඩ් ප්‍රතිකාර මද්‍යස්ථාන වලට යවන්න වෙන්නෙත් මේ ඉන්න කාර්යමණ්ඩලය තමයි.