IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


හමුදා කඳවුරේ ඉන්ධනහළෙන් ඩීසල් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හළෙන් රුපියල් 346,840 ක් වටිනා ඩීසල් ලීටර් 3335 ක් සොරා ගනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවුසර් රථ රියදුරකු සහ රිය සහායකවරයෙකි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩාවට පෞද්ගලික බවුසර් රථයක් මගින් ගෙන ආ ඩීසල් සම්පුර්ණ තොගයම පිරවුම්හලේ ටැංකි තුළට නොදමා ඉන්ධන ලීටර් 3335 ක් බවුසරයේම රඳවා ගෙන සැකකරුවන් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා නිලධාරින් ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ පොලිසිය මෙම ඉන්ධන තොගය ගල්ගමුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක හිමිකරුවකුගේ නිවසේ තබා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ඉන්ධන වංචාව සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකුගේ ද සහාය ලැබී ඇතැයි පොලිසිය කියයි. අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා අද (15)  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

හමුදා කඳවුරේ ඉන්ධනහළෙන් ඩීසල් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 575 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 481 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site