(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම ගොවිජනපදය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා ඇඳුම් කට්ටලයක් , මන්නා දෙකක්, කඩුවක් , වෙස් මුහුණු දෙකක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 2760 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා සේවයෙන් ඉවත් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදී මෙම භාණ්ඩ පොලිස් නිලධාරීන් භාරයට ගත් බව පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනා (05) වැනිදා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හමුදා ඇඳුම් කට්ටලයක් - මන්නා 2 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට