IMG-LOGO

හිටපු පොලිස් පරීක්ෂකයකු ඇතුළු කොල්ලකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

(ලලිත් නවරත්න)

ත‍්‍රිරෝද රථ ඇතුළු විවිධ වාහනවලින් පැමිණ තමන් ආරක්ෂක අංශවල යැයි පවසමින් පුද්ගලයන් සතු රන් ආභරණ  හා මුදල් කොල්ල කෑ හිටපු පොලිස් නිලධාරියකු ඇතුළු කල්ලියක සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

පසුගිය කාලය පුරා මෙවැනි කොල්ලකෑම් පිළිබඳව පැමිණිලි රාශියක් වෙන්නප්පුව සහ අවට පොලිස් ස්ථාන වෙත තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ වෙන්නප්පුව, හලාවත, බොරැල්ල, මරදාන  පදිංචි අවුරුදු 30 - 40 සීමාවේ සිව්දෙනෙකු සහ වැඩ තහනමකට ලක්ව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකරුවන් සන්තකව තිබූ රුපියල් ලක්ෂ 10ට වටිනාකමක් ඇති රන් භාණ්ඩ සහ උණු කළ රත්තරන් තොගයක් ද  පොලිස් බාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත්  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.   
 
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

හිටපු පොලිස් පරීක්ෂකයකු ඇතුළු කොල්ලකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 652 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 498 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site