(රංජිත් රාජපක්ෂ)
හැටන් දිඹුල රොසිටා වතුයායේ වතු නිවාස පේලියක අද (02) හටගත් ගින්නකින් වතු නිවාස අටක් ගිනිගෙන විනාශ වී ඇති බව දිඹුල පොලිසිය පැවසීය.
අද පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව පොලිසිය සඳහන් කරයි.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කීය.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් , දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව පාලනය කර ඇත.
ගින්න පැතිර යාමත් සමඟ එම වතු නිවාස පේලියට ලබා දී තිබූ විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇති අතර ගින්නෙන් වතු නිවසක තිබූ යතුරුපැදියක් සහ වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද විනාශ වී ඇති බව පොලිසිය පැවැසීය.
ගින්නෙන් වතු නිවාස 8 කට සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර ඔවුන් වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කීය.
ඡායාරූප - සුදත් එච්. එම්. හේවා
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හැටන් වතුයායක වතු නිවාස 8 ක් ගිනිගනී