(රංජිත් රාජපක්ෂ)
මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් ලිස්සාගොස් කාණුවකට වැටීම හේතුවෙන් හැටන් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (25) පස්වරුවේ ඇණ හිට ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් රොක්වුඩ් වත්ත ප්‍රදේශයේදී ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන දකුණුපස රෝදය කාණුවකට වැටී බස් රථයේ පසුපස කොටස ප්‍රධාන මාර්ගය හරහා තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නොර්වුඩ් පොලිසිය සඳහන් කළේය.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ මගින් විශාල පිරිසක් සිටි බවත් අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් පොලිසිය පවසයි.
අනතුරට පත් වූ බස් රථය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව නොර්වුඩ් පොලිසියේ පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හැටන් මස්කෙලිය මාර්ගයේ ගමනාගමනයට බාධා