(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ හරහා (12) දින රාත්‍රියේ සිට හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට සයිප්‍රස් ගසක් කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතා පැවසිය.
හැටන් සිට නාවලපිටිය දක්වා ඇද ඇදි වොල්ට් තිස් තුන්දහසක අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට හැටන් කොටගල ස්ටොනික්ලිප් තේ කර්මාන්ත ශාලාවට ඉහලින් සයිප්‍රස් ගස කඩා වැටි ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.
හැටන්, රුවන්පුර , කොටගල , සෙන් ක්ලෙයාර් , දිඹුලපතන සහ නාවලපිටිය දක්වා විදුලි පාරිභෝගිකයන් රැසකට පවත්නා ආපදා තත්ත්වය මත විදුලිය ඇණ හිට ඇති බවත් , කඩා වැටුණු සයිප්‍රස් ගස කපා ඉවත් කිරිමේ කටයුතු වතු කම්කරුවන් සහ තම සේවකයින් එක්ව ආරම්භ කර ඇති බවයි විදුලි අධිකාරිවරයා කියා සිටියේ.
කඩා වැටුණු විදුලි රැහන් පද්ධතිය අලුත්වැඩියා කර කඩනමින් විදුලිය ලබා දිමට කටයුතු කරන බවද විදුලි අධිකාරිවරයා පැවසිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හැටන් ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටී