(රංජිත් රාජපක්ෂ)
හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා කොළඹ දක්වා ධාවනය වන ලංගම බස් රථවලට අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා මගින්ට ගමන් කිරිමට අවස්ථාව ලබා නොදිම නිසා මගිහු දැඩි අසිරුතාවයකට පත්වී සිටිති.
දිනකට හැටන් ඩිපෝවේ සිට කොළඹ දක්වා බස් රථ 20ක් පමණ ධාවනය වන අතර ඉන් බස් රථ ගණනාවකම කොන්දොස්තරවරුන් මෙම ක‍්‍රමය අනුගමනය කරන බවට මගිහු චෝදනා කරති.
පවත්නා එම තත්ත්වය මත මගින්ට ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු සඳහා වැඩි පුර මුදලක් ගෙවා පෞද්ගලික බස් රථවලින් තමන්ගේ ගමනාන්තය දක්වා යෑමට සිදුවි ඇති බව කියති.
මේ සම්බන්ධයෙන් අප හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ පරික්‍ෂක රෝහණ ද සිල්වා මහතාගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ බස් රථයට ගොඩ වන මගින්ට එවැනි ප‍්‍රකාශයක් කිරිමට කොන්දොස්තරවරයාට නොහැකි බවයි.
දුර ගමන් සේවාවක් වුවද අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා මගින්ව බස් රථයට නංවා ගන්නා ලෙස සියලූම කොන්දොස්තරවරුන්ට උපදෙස් දි ඇති බවත් මේ සමිබන්ධයෙන් වහාම සොයා බැලිමක් සිදුකරන බවත් රෝහණ ද සිල්වා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1747
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් - කොළඹ කොන්දොස්තරලා හිතූමතේට වැඩ