(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් වල තිබූ නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇති බව වටවල පොලිසිය පැවසීය.
අද (18) පස්වරුවේ ජලයෙන් යට වූ නිවාස වල පදිංචිකරුවන්ට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස පොලිසිය විසින් දැනුම් දී ඇත.
මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ නායයාමේ අවධානමක් ඇති ස්ථානයක වරින් වර පස් කදු කඩා වැටීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණි බවත් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මන්තීරුවකට පමණක් සීමා කර ඇති බවත් ගිනිගත්හේන පොලිසිය පැවසීය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට ගිනිගත්හේන දක්වා ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටී ඇති නිසා රථ වාහන ගමනාගමනයේදී සැළකිලිමත්ව රිය ධාවනය කරවන ලෙසද හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 10 ක් ජලයෙන් යටවෙයි