IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හැටන් ඉඩමක් නිසා ගමක් කැළඹෙයි

(රංජිත් රාජපක්‍ෂ)

අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වු හැටන් ගාමිණීපුර වඩු පාසල හා ඒ අවට ඉඩම ප‍්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින්  වංචනික ලෙස අත්පත් කර ගෙන ඇති බව පවසමින් එම ගම්මානයේ වැසියෝ හා හැටන් වත්තේ වතුකම්කරුවෝ පිරිසක් අද(16) විරෝධය පළ කළහ.

මීට වසර කිහිපයකට ප‍්‍රථම හැටන් ප‍්‍රදේශයේ තරුණයන් හට වෘත්තිය පුහුණුව ලබා දිම සදහා ඉදිකර ඇති මෙම වඩු පාසල පසුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට දිර්ඝ කාලින බදු පදනම මත ලබා දි තිබුණි.

එම බදු පදනම මත ලබා ගත් අය විසින් මෙම වඩු පාසල් ගොඩනැගිල්ල හා අවට ඉඩම කලකට පසු ප‍්‍රදේශයේ ව්‍යපාරිකයකුට නිත්‍යනුකුල නොවන ආකාරයෙන් අලෙවි කර ඇති බව ප‍්‍රදේශවාසිහු කියති.

එම ඉඩම මිළදී ගත් බව කියන ව්‍යපාරිකයා අද(16) එහි බැකෝ යන්ත‍්‍රයක් යොදා පස් කැපීමේදී එම ඉඩමේ තිබු පැරණි සොහොනක වළලා තිබු මළ සිරුරුවල අස්ථි කොටස් මතුවීමත් සමගම ප‍්‍රදේශවාසිහු නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් මේ පිළිබදව හැටන් පොලිසියටද පැමිණීලි කළහ.

පසුව හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඉඩමේ පස් කැපිම තාවකාලිකව අත්හිටුවා එම ඉඩමේ අයිතිය තහවුරු කිරිමට අවශ්‍ය ලියකියවිලි පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉඩම් හිමිකරුට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එස්.සරවනන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ මෙම ඉඩමේ අනවසර පස් කැපිමක් සම්බන්ධයෙන් තමන්ටද ප‍්‍රදේශවාසින් පැමිණිලි කර ඇති බවත් එහි පස් කැපිම සදහා තම ප‍්‍රාදේශිය සභාවෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවත් ය.

මෙම ඉඩම අත්පත් කර ගැනිම සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාද දැනුවත් කළ බවත් සරවනන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (0)

හැටන් ඉඩමක් නිසා ගමක් කැළඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site