(පද්මා කුමාරී කංකානම්ගේ )
මිළ කළ නොහැකි වටිනාකමින් යුතු විශ්කම්භය මිලිමීටර 70 ට අඩු හක් බෙල්ලං 750 ක් තමා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය ආණවාසල කළපුතීරයේ දී අද (1) දින කල්පිටිය විජය නාවුක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් පුත්තලම කාර්යාලය වෙත භාර දී ඇත.
පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ විශ්කම්භය මිලිමීටර 70 ට අඩු හක් බෙල්ලන් තමා සන්තකයේ තබා ගැනීම විකිණීම සහ ප්‍රවාහනය 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතින් සපුරා තහනම් බව ය.
මෙවැණි කුඩා හක් බෙල්ලන් විනාශ කිරීම මගින් එම ජලජ ජීවීන්ගේ ප්‍රජනනය ඇණ හිටින බවත් එම සත්තවයින්ගේ පැවැත්මට
එය තර්ජනයක් බවත් ය.
මෙම හක් බෙල්ලං විවිධ අරුමෝසන් භාණ්ඩ තැනීම සඳහාත් දේව පුද පූජා සඳහාත් ඉන්දියාවට හොර රහසේ ප්‍රවාහනය කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
මෙහි මිලක් තක්සේරු කළ නොහැකි අතර .සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හක් බෙල්ලං 750 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
athula Friday, 02 February 2018 03:05 AM
සේරටම කලින් මිනිසුන්ට අධාපනය වර්ධනය කලයුතුයි. මිනිසුන්ගේ මොලය, විනය හදන්න ඕන ඒකට මුලින්ම පාලකයෝ එක අකුරටම පිළිපදින්න ඕන ආදර්ශයක් දෙන්න ඕන, නැතුව මේවගේ විනාසයන් නතර කරන්න බැහැ. දුප්පත්කම නැතිකරන එක අංක 1 ට තියෙන්න ඕන
himal Friday, 02 February 2018 08:47 AM
එතකොට අර වාලම්පුරී විකුණුවට අවුලක් නැද්ද?