(දයාරත්න ඇඹෝගම)
මුව ආවරණයක් නොමැතිව ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි පුද්ගලයෙකුට මුව ආවරණයක් පැළද එන ලෙසට අවවාද කළ සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ සදමල් එළියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මුව ආවරණයක් නොමැතිව බීමතින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට ප්‍රතිකාර ගැනිමට පැමිණි සිටි අවස්ථාවේ මුව ආවරණයක් පැළද එන ලෙසට එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයා විසින් උපදෙස් ලබාදිම නිසා කෝපයට පත්ව මෙම පහරදිම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
එම පහර කෑමට ලක්වු සිවිල් ආරක්ෂක භටයා ප්‍රතිකාර ගැනිම සදහා රෝහලට ඇතුලත් කොට ඇති අතර සැකකාර පුද්ගලයා රෝහල් පොලිසියේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂණ කටයුතු සදහා අනුරාධපුර පොලිසියට බාරදි තිබේ.
ඔහු අද (28)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
අනුරාධපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
220
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවිල් ආරක්ෂක භටයාට පහරදුන් අයෙක් අත්අඩංගුවට