සත්‍ය සහ යුක්තිය ස්ථාපනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබද වගවීම සහතික කිරීම සහ හානි පූරණය සදහා පියවර ගැනීමට අදාළ සංහිදියා ක්‍රියාවලීන් සහ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය පවසයි.
බිම් මට්ටමේ සාකච්ඡා මැයි මස වැනිදා සිට අවසන් කිරීමට තීරණය කර ඇති අතර සත්‍ය සොයා ගැනීමටත් , යුක්තිය පසිදලීමටත්, වගවීම සහතික කිරීම සහ හානි පූරණය සදහා පිළියම් යෙදීමටත් යොදා ගත හැකි ව්‍යූහ ක්‍රිමයා පටිපාටි සහ පියවරයන් සකස් විය යුතු ආකාරය ගැන අදහස් ඉදිරිපත් කරන්නැයි එම කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම මහජන අදහස් දැක්වීම් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කළ හැකි වන අතරම පුද්ගලයින් වශයෙන් මෙන්ම කණ්ඩායම් සහ සංවිධාන වශයෙන් ද ඒවා සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය වෙත ඉදිරිපත් කළ හැක.
www.scrm.gov.lk යන වෙබ් අඩවියෙන් සපයා ඇති ආකෘති පත්ත්‍ර හෝ [email protected] නැමැති විද්‍යුයත් තැපෑල ඔස්සේ හෝ ‘‘සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය , ජනරජ ගොඩනැගිල්ල , ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්ද අදහස් ලියා එවිය හැකි බව සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකාය පවසයි.
ජිනීවා යෝජනා කුමන ආකාරයෙන් ක්රියයාත්මක කළ යුතු ද යන්න සොයා බැලීම සඳහා අග්රානමාත්යෙ කාර්යාලය විසින් සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකායක් පසුගිය ජනවාරියේදී ආරම්භ කරනු ලැබීයග
2025 නොවැම්බර් මස 04
596
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංහිඳියා බළකාය වැඩ අරඹයි