(ඩී.ජී.සුගතපාල)
නිවසේ ඇති කරන සුනඛයා ගාල්ලේ විදුහලට නිදැල්ලේ යවා, 4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා බරපතල තුවාල සිදුකිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් 50 දඩයක් නියම කර කූඩුවක දමා සුනඛයා ඇති කරන ලෙසත් පාසල් දිනවල සුනඛයා එළියට නොදමන ලෙසටත් අද (08)නියෝග කළාය.
මෙසේ දඩ නියම වුයේ ගාල්ල රිච්මන්ඩ් කන්ද පදිංචි එම්.ඩබ්ලිව්.ඩී.ඉන්ද්‍රජිත් නමැති විත්තිකරුවෙකුටය.
තම සුනඛයාගෙන් මනුෂ්‍ය ජීවිතයට අන්තරායක් වන බරපතල තුවාල විය හැකි පරිදි අපරීක්ෂාකාරී හා නොසැළකිලිමත් ලෙස ඉකුත් සැප්තැම්බර් 30වැනි දින රිච්මන්ඩ් විදුහලට නිදැල්ලේ යැවීමට ඉඩ සළස්වා, සුනඛයා විසින් 4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා දරුණු තුවාල සිදුකරන ලද සිදුවීම සම්බන්ධයෙන් 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(ආ)වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
ගාල්ල මහ නගර සභවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන සී.එම්.එස්.ගුරුගේ සහ ඉන්දික චාමින්ද යන මහත්වරුන් විසින් මෙම නඩුව පවරා පැමිණිල්ල මෙහෙයවන ලදි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිසුවා සපා කෑ බල්ලාගේ අයිතිකරුට දඩය රුපියල් 50 යි
Nuwan Thursday, 08 October 2020 12:26 PM
මේ වගේ විහිළු ලංකාවේ විතරයි...
fairoos Thursday, 08 October 2020 12:34 PM
ඒ ළමයාගේ බෙහෙත් වියදම ඊට වඩා වැඩි ඇති.
krishantha Thursday, 08 October 2020 03:20 PM
අනේ මන්දා, අපේ නීති අලුත්විය යුතුයි.