(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය ඩිපෝවේ සේවයේ නියුතු කොන්දොස්තරවරයකුට අද(19) හිටපු ඩිපෝ අධිකාරීවරයකු ඇතුළු දෙදෙනෙකු පහර දී ඇති බවද, තුවාල ලැබූ කොන්දොස්තරවරයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ වෑකඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දෙදරු පියෙකි.
කොන්දොස්තරවරයා අද උදෑසන සේවයට ගිය අවස්ථාවේදී මෙම පිරිස ඔහුට පහරදී ඇත. සිද්ධිය සැලවීමෙන් පසුව කොන්දොස්තරවරයාගේ ඥාතීන් පැමිණ ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.
තුවාලකරු දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා ඇති බවද, ඔහුගේ තත්තවය බරපතල නොවන බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව දිවුලපිටිය පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති