(දිලීප් ජයසේකර)
සුරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදී දෙදරු මවක කපා කොටා ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත් අඩංගුවටගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාර ගත කෙරුණේ සුරියවැව බැද්දෙවැව බටහිර පදිංචි 66 හැවිරිදි පස් දරු පියෙකු වූ හේවා දොලමුල්ල කංකානම්ගේ ගුණසේන නොහොත් විහාරගල ගුණේ නැමැත්තාය.
සැකකරුගේ නිවසට යාබද නිවසේ පදිංචි 28 හැවිරිදි දෙදෙරු මවක වූ තැලි කෝරලේ ආරච්චිගේ චමිලා ප්‍රියංගනි නැමති අයට අයුතු යෝජනාවක් ගෙනවිත් ඇති අතර ඊට අකමැති වීම හේතුවෙන් පෙරේදා (10) දහවල් සිය මහගෙදර සිට සිය නිවසට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ කපා කොටා ඝාතනය කර තිබුණි.
මෙම ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටියදී සුරියවැව පොලිසිය කළ විශේෂ මෙහෙයුමකදී සූරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ හේනක සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සූරියවැව දෙදරු මව ඝාතනය කළ පුද්ගලයා රිමාන්ඩ්