IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සොරාගත් නාන කාමර කට්ටල කුඩු පැකට් දෙකකට විකිණු පිරිසක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් නාන කාමර කට්ටල රුපියල් 20,000 වටිනාකමින් යුත් කුඩු පැකට් දෙකකට අලෙවි කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සමඟ සොරාගත් නාන කාමර කට්ටල මිලදී ගත් කාන්තාව දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ නිවසක් බිඳ එහි සවිකොට තිබූ නාන කාමරයක නවීන පන්නයේ උපාංග  සියල්ලම ගලවා ගෙන ගොස් ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
 
මාසයකට අධික කාලයක් මෙම සොරකම පිළිබඳ ව විමර්ශනය කළ ද කිසිවෙකුත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.
 
සැකකරුවන් සමග මත්කුඩු  ලබාදුන් කාන්තාවගේ නිවස පරීක්ෂාකිරීමේදී සොරාගෙන තිබූ නාන කාමර කට්ටල සියල්ලම නිවසේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
 
සොරකම් කරන ලද භාණ්ඩ ලඟතබාගැනීම ඒවා මත්කුඩු වලට හුවමාරු කරගැනීම මත්කුඩු අලෙවි කිරීම යන චෝදනා යටතේ එම කාන්තාව ද පොලිස් භාරයට ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා පැවසීය.
 
 සැකකරුවන් සියලු දෙනා දැඩිව මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් බව පොලීසිය කියයි.
 
 සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

සොරාගත් නාන කාමර කට්ටල කුඩු පැකට් දෙකකට විකිණු පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14173 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site