IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සැමියා විදේශගතවූ බිරිඳ සොයයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

ගෘහ සේවය සඳහා සෞදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16 ක සිට කිසිඳු තොරතුරක් නොමැතිව සිටින දරු පවුලක් රකින සැමියකු පිළිබඳ තොරතුරක් ගලේවෙල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් වාර්තා විය.

දහස් වාරයක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ජනාධිපතිවරයෙකුට, මානව හිමිකම් කොමිසමට ඇමැතිවරුන්ට ලිපි මගින්  සහ මුණගැසී තොරතුරු ලබා දුන්නද මෙතෙක් තම බිරිඳ ගැන කිසිඳු තොරතුරක් ලබා නොදීම හේතුවෙන් ලබන ජනවාරි පළමුවෙනිදා තම බිරිඳ ගැන තොරතුරක් ලබා නොදුනහොත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරිපිටට ගොස් සිය දිවි හානි කරගැනීමට මෙම පියා තීරණය කර ඇතැයි හෙතෙම පැවැසීය.

ගලේවෙල නාරංගස් වැව දේවහුව ලිපිනයේ පදිංචිව සිටි ටී .එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව 2005 වසරේ නිවස සාදා ගැනීම සඳහා සෞදි අරාබියේ රැකියාවකට ගිය බව සැමියා වන ආර් . එම් .සුරවීර මහතා කියයි.

බිරිඳ විදේශගත වී මාස තුනකට පසු අසල්වැසි නිවසකට දුරකථනය හරහා කතාකොට මාස 2ක වැටුප් ගෙවන බව ප්‍රකාශ කළ බවත් එහෙත් එදා සිට මේ දක්වාම තම බිරිඳ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව හෙතෙම දැඩි කනස්සල්ලෙන් යුතුව පැවසීය.

දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සමග ඉතා අසරණව ජීවත් වූ මෙම පියා කියා  සිටියේ තම දියණියන් දෙදෙනා විවාහ වී පුතා කුඩා අවධියේ මව ගිය බවයි. දැන් තම පුත්‍රයාට වයස අවුරුදු 19ක තරුණයෙක් බවත් ඔහු මෙතෙක් අම්මා දැක නැති බව ද ඔහු පැවසීය.

වසර 16ක පමණ කාලයක සිට රටේ පැවති සියලුම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට විදේශ ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට ලිඛිතව සහ වාචිකව මේ පිළිබඳව දැනුම් දුන් බවත් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි දේවාලවලට ගොස් විශාල මුදලක් වියදම් කළ බවත් මේ වන විටත් තම කුඹුර පවා උකස් කොට රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් බිරිඳ සෙවීමේ කටයුතු වල නිරතව සිටින බව ඔහු කීවේය.



අදහස් (2)

සැමියා විදේශගතවූ බිරිඳ සොයයි

අනුර Sunday, 24 November 2019 10:05 AM

මා මෙම පුවත කියවා අතිශයින්ම කණගාටු වෙමි. මේ හා සිදුවීම් වලින් පසුතැවිලි වන පවුල් එමටය. ඔවුන්ට උපකාර කිරීමට නිසි ක්‍රමවේදක් ලංකාවේ ස්ථාපිත කළ යුතුයි. ලංකා රජය මැදිහත්ව මොහුගේ ප්‍රශ්නයට ඉතා ඉක්මන් විසදුමක් ලැබේවා යි මා අවංකව ප්‍රාර්ථනා කරමි.

:       0       0

sisira Sunday, 24 November 2019 11:08 AM

අනේ පව් මේ අසරණ මනුස්සයට කවුරු හෝ කෙනෙක් පිහිට වෙන්න. ඒ පිනම නිවන් දකින්නට හේතු වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site