IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සම්බාහන මධ්‍යස්ථානයට ආ සිව්දෙනෙක් මුදල් කොල්ල කා පලා යති

(කේ බුද්ධික කුමාරසිරි)
 
මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයකට අද (14) අලුයම සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හිස් වැසුම් පැළඳ පැමිණි තරුණයින් සිව්දෙනෙකු එහි සිටි පිරිසට තර්ජනය කර තියුණු ආයුධ පෙන්වා බියකර ඔවුන් සතුව තිබූ මුදල් හා ස්වර්නාභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙම කොල්ලය සිදුවන අවස්ථාවේදී අදාළ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු හා තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සිට ඇත. 
එහි පැමිණි මුහුණු ආවරණය කර ගත් පිරිස අත කඩු වැනි තියුණු ආයුධ කිහිපයක් තිබූ බවත් එම ආයුධ පෙන්වා මරා දමන බවට තර්ජනය කර මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කා පලා ගිය බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කොල්ලකරුවන් කාන්තාවන් සතුව තිබූ ස්වර්ණාභරණ කොල්ල කන අවස්ථාවේදී එක් කොල්ලකරුවකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප‍්‍රහාරයකින් එක් කාන්තාවක් සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අදාළ සම්බාහන මධ්‍යස්ථානය හා ඒ අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන හා දුරකථන දත්ත වාර්තා අනුව මෙම කොල්ලය සිදු කළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.



අදහස් (0)

සම්බාහන මධ්‍යස්ථානයට ආ සිව්දෙනෙක් මුදල් කොල්ල කා පලා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14884 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site