IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සාමකාමී බව පෙන්වීමට පේදුරුතුඩුවේ සිට කොළඹට පාගමනක්


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාවක් නැති බවට ඇතමුන් ප්‍රචාරය ගෙන ගියත් රටේ සාමකාමී වාතාවරණයක් පවත්නා බව පෙන්වා දීම සදහා මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු  පේදුරුතුඩුවේ සිට කොළඹ බලා යන පාගමන අද 31 දහවල් පල්ලෙවෙල ප්‍රදේශය පසු කරනු ලැබීය.

මෙසේ පාගමනේ යෙදී සිටින්නේ සංජීවන් අමලනාදන් 18 හා ජොසන්ට් ටෙක්නික් 19 යන දෙදෙනාය.

අද31 උදෑසන කොටදෙනියාව පොලිස් වසමට පැමිණි පාගමනේ යෙදුනු තරුණයින් දෙදෙනා නාල්ල, කිතුල්වල, බොකලගම,පූගොඩ ගම්මාන ඔස්සේ පල්ලෙවෙල බලා පැමිණියේය. එහිදී පල්ලෙවෙල පොලිස් නිලධාරීන් හමුවී උදේ ආහාරය ගත් තරුණයින් දෙන්නා ඒ අවස්ථාවේදී හමුවු වල්බෝලාන විික්‍රමශිලා පිරිවෙන් විහාරාධිපති වරාදල උපාලි හිමියන් බැහැදැක ආශිර්වාද රැගෙන තෝරපිටිය කීනවල ඔස්සේ වේයන්ගොඩ බලා ගමන් ඇරඹීය. අද ඔවුන් කඩවත නතරවීමට නියමිතය. ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සිදම්බරපිල්ලෙයි අමලනාදන් මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (0)

සාමකාමී බව පෙන්වීමට පේදුරුතුඩුවේ සිට කොළඹට පාගමනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14961 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site