සබරගමුව පළාත් සභාව මඟින් මන්ත‍්‍රීවරුන්ට ලබාදී තිබූ වාහන 20ක් මෙතෙක් ආපසු බාරදී නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට පැමිණිලි කළ බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය කියයි.
පළාත් සභාවේ විශේෂ ව්‍යාපෘතිවල සේවය කරන නිළධාරීන් සඳහා වෙන් කර තිබූ මෙම වාහන මෙලෙස මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇත්තේ මහ ඇමති මහීපාල හේරත් මහතා විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වීමෙන් පසුවය.
මෙලෙස ලබාගත් වාහනවලින් ඇතැම් වාහන ආපසු බාරදී සමහර වාහන බාරදී නැත. මෙම වාහන සියල්ල කැබ් රථය. එම වාහන ලැයිස්තුව මෙසේය.
කෑගල්ල දිස්ත‍්‍රික්කය
SG PF 9359, SG PF 9363, SG PF 9366, SG PF 9373, SG PF 9376, SG PF 9375, SG PF 9384, SG PF 9390, SG PF 9391, SG PF 9395, SG PF 9396, SG PF 9408, SG PG 4781, SG PG 0294, SG PF 9405
රත්නපුර දිස්ත්‍රික්කය
SG PF 9378, SE PF 9382, SE PE 0299, SE PE 0289, SE PE 0291
මෙම වාහනවලින් බහුතරය මේ වනවිට සබරගමුව පළාතෙන් පිටතට ගෙනගොස් ඇති බවද දැනගන්නට ලැබී ඇති බවත් එම වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි එම ආයතනයේ පොදු දේපල සුරැකීමේ වැඩසටහන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘සබරගමු සභාවේ වාහන 20ක් ආපසු දී නැහැ‘