IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සබරගමුව නව ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය අද (20) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රත්නපුර නව නගරයේ පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය තනතුරේ වැඩ බාරගත්තාය.

සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න සහ සබරගමු පළාත් ප‍්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරිය පිළිගෙන පළාත් සභා සංකීර්ණය වෙත පෙරහරින් කැඳවාගෙන එනු ලැබීය.

පොලිස් උත්තමාචාර පිළිගැන්වීමෙන් පසු රතු පළස මතින් ආණ්ඩුකාරවර කාර්යාලය වෙත ඇය කැඳවාගෙන යනු ලැබීය.

ඉන් අනතුරුව අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ මහානායක මඩලගම වජිරබුද්ධි නාහිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනය මැද නව තනතුරේ වැඩ බාරගනු ලැබීය.

සබරගමු පළාත් සභා ඉතිහාසයේ පළමු ආණ්ඩුකාරවරිය මෙන්ම දහවන ආණ්ඩුකාරවරයා වන්නේ ද නිලූකා ඒකනායක මහත්මියයි. ඇය පසුගිය 12දින සිට සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

පළාත් ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩම්කොටුව, සියලූම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභාවේ හිටපු මහා මාර්ග, ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, මධ්‍යම රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දිමිත‍්‍ර ඒකනායක, ගැමුණුහේවා රෙජිමේන්තු මධ්‍යස්ථානාධිපති බි‍්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න, සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීහූ ද ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

සබරගමුව නව ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site