IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව සකස් කර නැහැ

(ජයන්ත සමරකෝන්)
 
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලැබී නැතැයි කියමින් එම වැටුප් සකස්කිරීම ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අත්හිටුවා ඇතැයි එම විශ්‍රාමිකයෝ චෝදනා කරති.
 
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 1/2019 සහ 2019-06-11 චක්‍රලේඛයේ අවශ්‍ය උපදෙස් සඳහන් නොවන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවන් සඳහන් කරන බවද ඔවුහු පෙන්වාදෙති.
 
මේ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ, සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ  වැටුප් විෂමතා සකස්කිරීම 1/2019 චක්‍රලේඛය අනුව සිදුකළ යුතු බවය.
 
ඒ සඳහා අමුතුවෙන් උපදෙස් ලබාදීම අවශ්‍ය නැතැයිද ඔහු සඳහන් කළේය.
 
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ පනාගොඩ පිහිටි වැටුප් හා ලේඛන කාර්යාලය යුද හමුදා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සකස් කළ යුතු ආකාරය පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවය දැනුම් දී ඇති බවය.
 
මෙම කඹ ඇදිල්ලෙන් සන්නද්ධ හමුදා සාමාජිකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.



අදහස් (0)

සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව සකස් කර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site