IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෞදි තානාපති නිලධාරීහු සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙති

සෞදි අරාබියේ රියාද්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  කම්කරු සහ සුභ සාදන නිලධාරින් සහ නැගෙනහිර කලාපිය සිවිල් සංවිධාන අතර හමුවක් පසුගිය දා පැවැත්විණ.   අල් කොබාර් ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවති තානාපති ජංගම සේවාව අවසන් වීමෙන් පසු ඇරඹි මෙම සාකච්චාවේ ප්‍රධාන තේමාව වුයේ නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව සදහා සිවිල් සංවිධාන නිලදාරීන් සහ තානාපති නිලධාරින් ගේ එකමුතුවෙන්  ඉදිරිදී ගතයුතු  කාර්ය බාරය පිලිබදව  සාකච්ඡා කිරීමයි.

රියාද් ප්‍රධාන කාර්යාලයට අභිනවයෙන් පත්ව ආ කම්කරු සහ සුභසාදන කටයුතු උපදේශක (ප්‍රධානි)සුරේෂ් ඉන්දික තිලකරත්න මෙම සාකච්චාවේ ප්‍රධාන දේශක ලෙස පැවසුවේ තානාපති ජංගම සේවාව ඇතුළු අනිකුත් සුභසාදන කටයුතු සදහා ප්‍රධාන මැදිහත්වීමකින් කටයුතු කරන සිවිල් සංවිධාන නිලධාරින් ඇතුළු පිරිසට තම කාර්යාලයේ ප්‍රණාමය පුද කළේය.  ඉදිරි කාලයේදීත් නැගෙනහිර කලාපිය ශ්‍රීලාංකික ප්‍රජාව වෙනුවෙන් තම සේවාව පුළුල් කිරීමට සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම හමුව සදහා කම්කරු අංශයේ නිලධාරින් කිහිප දෙනෙකුම සහබාගි වූ අතර සිවිල් සංවිධාන වෙනුවෙන් ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සහභාගී විය.

සංසදයේ විධායක සභික එල්.එස්. පතිරාජ මහතාද අදහස් දැක්වීය.

DSC05250 DSC05254 DSC05260



අදහස් (0)

සෞදි තානාපති නිලධාරීහු සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31292 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13484 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site