ඡන්ද දායකයින් දැනුම්වත් කිරීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන ‘සිතන්න‘ වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මෙම වැඩසටහන යටතේ ‘මම පිරිසිදු ඡන්දදායකයෙක්මි‘ මැයෙන් අගෝස්තු 1 සිට 14 දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74 ක දී ඡන්ද හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරේ . ඡන්දය දෙන්නේ කෙසේද? ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, දුෂිත නොවූ පිරිසිදු අපෙක්ෂකයින් තෝරා ගැනීම ඇතුළු ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී ක‍්‍රියාත්මක කෙරේ. මීට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය හැඳුනුම්පත් වර්ග පිළිබද අත්පත්‍රිකා, පෝස්ටර් මෙහි දී බෙදා දීම මෙහිදී සිදුකෙරේ.
උතුර-දකුණ යා කරමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන අගෝස්තු පළමුවැනිදා හම්බන්තොට නගරයෙන් හා යාපනයෙන් ආරම්භ විය. මේ වනවිට දිස්ත්‍රික්ක 13ක මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ බවත් මෙම වැඩසටහන් සඳහා එක් වු දහස් සංඛ්‍යාත පිරිසක් මෙවර දුෂිත අපේක්ෂකයින්, නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර නොයවන බවට අත්සන් තබා සහතික වු බවත් කැෆේ සංවිධානය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘සිතන්න‘ රට පුරා