(රංජිත් රාජපක්‍ෂ)
දැඩිව අබලන් තත්ත්වයේ පවතින හැටන් ස්ටැඩන් වතුයායේ වෙස්ටන් කොටසට පිවිසෙන මාර්ගය ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (17) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
මේ හේතුවෙන් වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත තේ කොළ ප්‍රවාහනයට මෙන්ම ප්‍රදේශවාසීන්ට පයින් හෝ එම මාර්ගයේ ගමන් කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වර්ජකයෝ කීහ.
මේ සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක ද නිරත වූහ.
එම උද්ඝෝෂණයෙන් අනතුරුව වතුපාලන අධිකාරිය සමග සාකච්ඡාවක් ලබා දෙන බව එම වතුයායේ සහකාර වතු අධිකාරිවරුන් පොරොන්දු වුවත් එම සාකච්ඡාව ලබා නොදුන් බව ඔවූහූ පැවසූහ.
මෙම මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරිම සඳහා වතුපාලන අධිකාරිය මගින් මීට වසර ගණනාවකට ප‍්‍රථම වතු සමාගම හරහා ප‍්‍රතිපාදන ලබා ගෙන තිබුනද එම ප‍්‍රතිපාදන මුදල්වලට සිදු වූ දෙයක් පාලන අධීකාරිය තමන්ට නොපවසන බව වතු අධිකාරිවරු පවසති.
තමන්ට මෙයට ස්ථිර විසදුමක් ලබාදෙන තෙක් තමන් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව වර්ජකයෝ කීහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ස්ටැඩන් වතුකම්කරුවෝ වර්ජනයක