IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


සංඝාවාසය කඩා වැටී සාමණේර හිමිනමක් - දායකයෙක් රෝහලේ

(එස්. ඩී.කොඩිකාර)
 
කඹුරුගමුව ගරාඩුව ශ්‍රී නදීතීරාරාම විහාරස්ථානයේ වසර 100ට  වඩා පැරණි සංඝාවාස ගොඩනැගිල්ල අද  (10)  කඩාවැටීම හේතුවෙන් සාමණේර හිමිනමක් සහ දායක සභාවේ ලේකම්වරයා තුවාල ලබා ඇතැයි කොටවිල පොලිසිය කියයි.

ඔවුන්ව කඹුරුගමුව රෝහලට ඇතුළත් කිරීමෙන්  අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත.

දායකයෙකු අද හීල්දානය සංඝයා වහන්සේ නමකට පූජාකරන  අවස්ථාවේ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇත.

සංඝාවාස ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලබා ඇත්තේ 15 හැවිරිදි රන්සෑගොඩ ඤාණරතන  හිමියන් සහ ගරාඩුව ප්‍රදේශයේ පදිංචි  දායක සභාවේ ලේකම්වරයා ය.

ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම  විනාශ වී ඇති අතර  බුදු පිළිමවහන්සේට කිසිදු හානියක් සිදු වී නොමැත.

මෙම ගොඩනැගිල්ල කලක සිට  බිත්ති පුපුරා දිරාපත් වී  යෑම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති බව දායක සභාව  සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

සංඝාවාසය කඩා වැටී සාමණේර හිමිනමක් - දායකයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site