මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා හෙට (15) ධුරයෙන් සමු ගනී. විදුහලේ දියුණුවට මහා මෙහෙවරක් කළ ප්‍රනාන්දුපුල්ලේ පියතුමාගේ නොමද ඇපකැපවීම නිසා උසස් පෙළ වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ තෙවැනි ශිෂ්‍යයා බිහි කිරිමට හැකි විය. එතුමන් සැම විටම කියාසිටියේ ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ, මහම්මත්තුමා වැනි ආගමික නායකයන් මානව සමාජය ගොඩ නගා ජාතික වටිනාකම් කිරිමට ගත් උත්සාහය අගය කරන බවයි.
බයිබලය, ධම්මපදයෙන් හා කුරාණයෙන් ලැබෙන ආදර්ශය මානව ප්‍රේමයට මුල් කරගත් සමාජයක් බිහිකිරිම හැකි බව ප්‍රනාන්දුපුල්ලේ පියතුමා නිතරම කියයි.
මීගමුව ඇත්ගාලේ දී 1956 මාර්තු 15 වැනි දා ඉපදුණු ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පියා ද ගුරුවරයෙකි. මව බාබරා ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. කතෝලික පාසල් පද්ධතියේ පරිපාලන කටයුතු සිදු කිරිම තමන් ලත් මහඟු අත්දැකිමක් බව ඔහු පවසයි.
විදුහලේ දියුණුවට ඔහු කළ මෙහෙවර ගැන ඇසු විට කීවේ ‘පාසලේ සිසුන් , ගුරුවරුන් , මව්පියන් එයට සාක්කි දරනු ඇති බවයි’
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශාන්ත සෙබස්තියන් විදුහල්පති විශ්‍රාම ගනී