(ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් අද (23) පස්වරුවේ පැවසීය.
පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට, උප පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනෙකුට, පොලිස් සැරයන්වරියකට හා කාන්තා පොලිස් කොස්තාපල්වරියකට එසේ වයිරසය ආසාදනය වී ඇති බවද එම ප්‍රකාශකයා කීය.
කිසියම් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් එම හය දෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමේදී වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.
එම නිලධාරීන් සිව් දෙනා හා නිලධාරිනියන් දෙදෙනා සිය නිවාසවලම ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා සදහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වේයන්ගොඩ පොලිසියේ 6 කට කොරෝනා