
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විනාඩි කිපයක් පැවති ටෝනාඩෝ සුළි සුලඟකින් ආණමඩුවේ ගම්මාන දෙකක නිවාස 16 කට හානි සිදුව ඇති බව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් දිපිකා චාන්දනී මහත්මිය පැවසුවාය.
මෙම ටෝනාඩෝ සුළි සුළං තත්වය ආණමඩුව තෝණිගල හා පරමාකන්ද ගම්මාන දෙක හරහා හමා ගොස් තිබු අතර නිවාස රැසකට දැඩි හානි සිදුව තිබු බව ආපදා නිළධාරින් පවසයි.
විනාඩි කිපයක් පැවති මෙම ටෝනාඩෝවෙන් ඇතැම් නිවාසවලට සෙවිලි කර තිබු ඇස්බැස්ටෝ හා වෙනත් තහඩු මිටර් 200 කට අධික දුරකට විසිවි තිබු බව නිවැසියන් පවසයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.