( අශෝක තිලකරත්න )
තම ගොවිතැන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහනක පැටලී ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි.
එසේ මරණයට පත් වී ඇත්තේ හම්බන්තොට නාගරවැව පදිංචි පියසේන (63) නැමති එක්දරු පියෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් අද (19දා) පෙරවරුවේ පවත්වන ලදී.
හම්බන්තොට වරාය පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd