(සිතුම් චතුරංග)
මහකච්චකොඩිය ,අලුත්වත්ත ප්‍රදේශයේ හේනක් තුළ අනාරක්ෂිත විදුලිරැහැනක පැටලී සිවිල් ආරක්ෂක භටයකු අද (24) ජීවිතක්ෂයටපත්ව ඇතැයි මාමඩුව පොලිසිය කියයි.
සතුන් දඩයම් කිරීම සඳහා ඇඳතිබූ විදුලි රැහැනක පැටලී සිවිල් ආරක්ෂක සෙබලා ජීවිතක්ෂයටපත්ව ඇතැයි පොලිසිය පැවසීය.
එලෙස ජීවිතක්ෂයටපත් ඇත්තේ වවුනියාව මහකච්චකොඩිය පදිංචිව සිටිහේමපාලගේ අචින්ත දිසානායක (34) නැමති වවුනියාව සිවිල් ආරක්ෂක කඳවුරට අනුයුක්තව සේවය කළ තිදරු පියෙකි.
ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ අලුත්වත්ත පිහිටි හේනට වන සතුන් පැන්නීම සඳහා මියගිය සිවිල් ආරක්ෂක භටයා ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිවිල් ආරක්ෂක සෙබලාගේ බිරිඳ විසින් සිය සැමියා උදෑසන නොපැමිණීම හේතුවෙන් සොයාබැලීමකදී සිරුර සොයාගෙන තිබේ.
පොලිසිය පැවසූයේ අනාරක්ෂිත විදුලි රැහැන් ඇඳ තිබුණේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් එ පිළිබඳ විමර්ශන සිදුකරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd