
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටියදී සොයාගත් බවටත් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.
කල්මඩුකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක ඇතා මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක ධර්මපුරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.
අනතුරුව අදාල ස්ථානයට ගිය කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළී වී ඇත්තේ කුඹුර වටා ඇද තිබූ විදුලි කම්බි දැළ පැටලී තිබූ බවයි.
මේ හේතුවෙන් අදාල කුඹුරුයායේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
මිය ගිය ඇතා අඩි 07 ක උසින් යුත් වයස අවුරුදු 17 ක් පමණ වන තරුණ ජවසම්පන්න ඇතෙකු බවටත් දළ දෙකද අඩි දෙකකට ආසන්න දිගින් යුතු වන බවට වනජීවි නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මිය ගිය ඇතාගේ අවසන් කටයුතුද අද දිනයේදී සිදුකිරීමට නියමිත බවට කිලිනොච්චිය වනජීවි නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලිසැර වද්දා ඇතෙකු මරාදැමුවැයි අයෙක් අත්අඩංගුවට